Thursday, March 21, 2013

ශ්‍රී දළදා මාළිගාවට පළමු රිදී දොර පූජා කිරීම..

බෞද්ධයා නාලිකාව සහ ශ්‍රී සම්බෝධි විහාරයේ මූලිකත්වයෙන් සහ සැදැහැති දායක දායිකාවන්ගේ මූල්‍ය සහ රිදී පරිත්‍යාගයෙන් සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ශාව උදෙසා සාදවා නිම කරන ලද පළමු රිදීමය දොර‍ටුව දළදා මාළිගාවට පූජා කරන ලදී.ඒ අවස්ථාවේ සේයා රූ කිහිපයක්..

















Tuesday, March 12, 2013

බැතිසිතින් කෙරෙන ආරාධනයයි!


බැතිසිතින් කෙරෙන ආරාධනයයි!

මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බ‍ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ
ආශිර්වාදය හා මගපෙන්වීමෙන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ගරු ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්ගේද අනුමැතියෙන් කොළඹ 07,ශ්‍රී සම්බෝධි විහාරාධිපති,
බෞද්ධයා මාධ්‍ය  ජාලයේ ගරු සභාපති,
පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සැදැහැවත් බොදු ජනයාගේ නොමසුරු දායකත්වයෙන්
මහනුවර සෙංකඩගලපුර
දළදා මාළිගාවේ ආරක්ශාව පිණිස සාදා නිමවන ලද රිදීමය දොර දළදා වහන්සේ වෙත පූජා කිරීම සඳහා 2013 මාර්තු නස 17 දින පස්වරු 2.30 සිදු කෙරෙන අතර උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සමන් මල්,අරලිය මල් ලක්ශයක්  පූජා කිරීම ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ අලුත් මාළිගයේ විහාර මන්දිරයේදී සිදු කෙරේ.


Tuesday, March 5, 2013

දරු දිරි සහන අරමුදල


දරුවන් හදා වඩා ගැනීමට කැමතිමුත් ඒ සඳහා ආර්ථික හැකියාව නොමැති දුශ්කරතා මැද දිවි ගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වැඩියෙන් දායාද කල මවුවරුන්ට මාසිකව රු 5000/= දිරි දීමනාවක් පිරි නැමීම සහ එක් පවුලකට කිරිගවයෙකු බැගින් ලබා දීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර එහි පළමු පියවර පසුගියදා (පෙබරවාරී 03) නාරංවල ගුණරත්න සම්බෝධි සෙවනේදී සිදුවිය.





දෙවන පියවර පෙබරවාරී මස 10 දින කහටගස්දිගිලියේ රත්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේදී සිදුවිය.මෙම උතුම් කාර්ය සඳහා පින්වත් ඔබටද දායක විය හැක.


දරු දිරි සහන පදනමට ආධාර
සම්පත් බැංකුව-ග්‍රෙගරි පාර ශාඛාව
ගිණුම් අංක-00 70 6 0000 101 

වෙත යොමු කරන්න.

වැඩි විස්තර සඳහා 
ශ්‍රී සම්බෝධි විහාරයේ පරිපාලන ලේම්
ශාන්ත අමරතිලක මහතා අමතන්න

011 4 942 607
077 4 386 455