බෞද්ධයා නාලිකාව සහ ශ්‍රී සම්බෝධි විහාරයේ මූලිකත්වයෙන් සහ සැදැහැති දායක දායිකාවන්ගේ මූල්‍ය සහ රිදී පරිත්‍යාගයෙන් සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින උතුම් ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ශාව උදෙසා සාදවා නිම කරන ලද පළමු රිදීමය දොරටුව දළදා මාළිගාවට පූජා කරන ලදී.ඒ අවස්ථාවේ සේයා රූ කිහිපයක්..
Showing posts with label නිවේදන. Show all posts
Showing posts with label නිවේදන. Show all posts
Thursday, March 21, 2013
ශ්‍රී දළදා මාළිගාවට පළමු රිදී දොර පූජා කිරීම..
Tuesday, March 12, 2013
බැතිසිතින් කෙරෙන ආරාධනයයි!
බැතිසිතින් කෙරෙන ආරාධනයයි!
මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ
මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ
සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ
ආශිර්වාදය හා මගපෙන්වීමෙන් ශ්‍රී දළදා
මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ගරු ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්ගේද අනුමැතියෙන්
කොළඹ 07,ශ්‍රී සම්බෝධි විහාරාධිපති,
බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති,
පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන්
වහන්සේ ප්රමුඛ සැදැහැවත් බොදු ජනයාගේ නොමසුරු දායකත්වයෙන්
මහනුවර සෙංකඩගලපුර
දළදා මාළිගාවේ ආරක්ශාව පිණිස සාදා
නිමවන ලද රිදීමය දොර දළදා වහන්සේ වෙත පූජා කිරීම සඳහා 2013 මාර්තු නස 17 දින පස්වරු 2.30 සිදු කෙරෙන අතර උතුම් වූ ශ්‍රී දළදා
සමිඳුන් උදෙසා සමන් මල්,අරලිය මල් ලක්ශයක් පූජා කිරීම ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ අලුත්
මාළිගයේ විහාර මන්දිරයේදී සිදු කෙරේ.
Tuesday, March 5, 2013
දරු දිරි සහන අරමුදල
දරුවන් හදා වඩා ගැනීමට කැමතිමුත් ඒ සඳහා ආර්ථික හැකියාව නොමැති දුශ්කරතා මැද දිවි ගෙවන පවුල්වල දරුවන් තිදෙනෙකුට වැඩියෙන් දායාද කල මවුවරුන්ට මාසිකව රු 5000/= දිරි දීමනාවක් පිරි නැමීම සහ එක් පවුලකට කිරිගවයෙකු බැගින් ලබා දීම මෙම දරු දිරි සහන පදනම මගින් සිදු කෙරෙන අතර එහි පළමු පියවර පසුගියදා (පෙබරවාරී 03) නාරංවල ගුණරත්න සම්බෝධි සෙවනේදී සිදුවිය.
දෙවන පියවර පෙබරවාරී මස 10 දින කහටගස්දිගිලියේ රත්මල් ගහවැව ආලෝක පබ්බතාරාමයේදී සිදුවිය.මෙම උතුම් කාර්ය සඳහා පින්වත් ඔබටද දායක විය හැක.
දරු දිරි සහන පදනමට ආධාර
සම්පත් බැංකුව-ග්‍රෙගරි පාර ශාඛාව
ගිණුම් අංක-00 70 6 0000 101
වෙත යොමු කරන්න.
වැඩි විස්තර සඳහා
ශ්‍රී සම්බෝධි විහාරයේ පරිපාලන ලේකම්
ශාන්ත අමරතිලක මහතා අමතන්න
011 4 942 607
077 4 386 455
Thursday, January 10, 2013
ජනමාධ්‍ය පුහුණු පාඨමාලාව
බෞද්ධයා මාධ්‍ය
ජාලය මගින් පවත්වන සය මාසික පුහුණු පාඨමාලාව..
- නිවේදනය
- පසුබිම් අලංකරණය
- වේදිකා පරිපාලනය
- සංස්කරණය
- කැමරාකරණය
- වේශ නිරූපනය
- ආලෝකකරණය
- පිටපත් රචනය
- වැඩසටහන් නිශ්පාදනය
- ශබ්ද පරිපාලනය
- වයස අවු 15 - 25 අතර අයට මේ සඳහා අයදුම් කල හැක.
- BMICH හි මිහිලක මැදුරේදී විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු සහ ප්‍රවීණ ජනමාධ්‍ය වේදීන්ගේ මූලිකත්වයෙන් මෙහෙයවනු ලබයි.
- සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදේ 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වේ.
ඔබ විසින්
සකස් කර ගත් අයදුම් පත පහත ලිපිනයට ජනවාරී 31 පෙර යොමු කරන්න.ලියුම් කවරයේ
වම් පස ඉහල ඔබ අයදුම් කරන පාඨමාලාව සඳහන් කරන්න..
ගරු සභාපති,
බෞද්ධයා මාධ්‍ය
ජාලය,
ග්‍රේගරි පාර,
කොළඹ 07.
Subscribe to:
Posts (Atom)




