Tuesday, March 12, 2013

බැතිසිතින් කෙරෙන ආරාධනයයි!


බැතිසිතින් කෙරෙන ආරාධනයයි!

මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බ‍ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ
ආශිර්වාදය හා මගපෙන්වීමෙන් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ගරු ප්‍රදීප් නිලංග දෑල මැතිතුමන්ගේද අනුමැතියෙන් කොළඹ 07,ශ්‍රී සම්බෝධි විහාරාධිපති,
බෞද්ධයා මාධ්‍ය  ජාලයේ ගරු සභාපති,
පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සැදැහැවත් බොදු ජනයාගේ නොමසුරු දායකත්වයෙන්
මහනුවර සෙංකඩගලපුර
දළදා මාළිගාවේ ආරක්ශාව පිණිස සාදා නිමවන ලද රිදීමය දොර දළදා වහන්සේ වෙත පූජා කිරීම සඳහා 2013 මාර්තු නස 17 දින පස්වරු 2.30 සිදු කෙරෙන අතර උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සමන් මල්,අරලිය මල් ලක්ශයක්  පූජා කිරීම ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ අලුත් මාළිගයේ විහාර මන්දිරයේදී සිදු කෙරේ.


No comments:

Post a Comment