Sunday, December 30, 2012

පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත ගෞරව නාමයක් පිරිනැමීම.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකයේ පාලක සංඝ සභාවන්හි සමානච්ජන්දයෙන්,අති පූජ්‍ය මහානායක ශාසනශෝභන,ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,සිරි සීලවංස වංසාලංකාර,අග්ග මහා පණ්ඩිත,විනයාචාර්ය,විනය විශාරද හුරිකඩුවේ විද්‍යාසාගර පරිවේනාධීපති,අති පූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමියන් විසින් බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් කොළඹ 07 ශ්‍රි සම්බෝධි විහාරාධීපති ගෞරව ශස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ වෙත "සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ" යන ගෞරව නාමය පිරිනමන ලදී.