Friday, January 25, 2013

ශ්‍රී සම්බෝධි සදහම් සඟරාව "දුරුතු" කලාපය.



බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් සෑම පොහෝ දිනකම නිකුත් කරන ශ්‍රී සම්බෝධි සදහම් සඟරාව "දුරුතු" කලාපය දැන් ඔබට ලබා ගත හැක.මෙවර කලාපයෙන් 


  • ශ්‍රී ලංකා සමාජයේ ආගම
  • පාරමී හෙවත් දස පෙරුම් දම්
  • තිල දක්ඛින විමාන වස්තුව
  • හළ යුතු ඇල්ම
  • Buddha's View on Truth and Peace
  • හාරිත ජාතකය
  • සතු‍ටු සිතින් වැඩ කරමු


ආදී වැදගත් හරවත් ලිපි ‍රැසකින් සමන්විත මෙවර කලාපය ඔබට රු 100/= වැනි මුදලකට අප ප්‍රධාන කාර්යාලයෙන් සහ පහත සඳහන් ස්ථාන වලින් ලබා ගත හැක.


  • නිව් තලංගම ස්ටොර්ස්-තලංගම
  • දුම්බර සුපර්-කුණ්ඩසාලේ
  • සීවලී පොත් මැදුර-කෑගල්ල
  • රංගන පොත්හල-වරකාපොල
  • ඔනෙලි පොත්හල-අඹේපුස්ස
  • උදය පොත්හල-පස්යාල
  • බුද්ධික පොත් මැදුර-මිරිස්වත්ත
  • මහපොල පොත් මැදුර-කිරිබත්ගොඩ
  • සරසවි කොමිනිකේශන්-කැළණිය
  • දිවාකර මල්ටි සර්විසස්-කිරිබත්කුඹුර
  • ආනන්ද මුද්‍රණාලය-යක්කල


මීට අමතරව තැපැල් මගින්ද ඔබ නිවසටම සඟරාව ගෙන්වා ගත හැක.ඒ සඳහා ඔබ කල යුත්තේ සම්පත් බැංකුවේ ගිණුම් අංක 00 706 00000 20 ට අවුරුද්දක් සඳහා දායක මුදල් රු 2040/= හෝ හය මාසික දායකත්වය සඳහා රු 1020/= තැන්පත් කර ලැබෙන රිසිට් පත ෆැක්ස් අංක 0112 689 308 වෙත ඔබගේ නම,ලිපිනය සහ දුරකතන අංකය සමඟ ෆැක්ස් කිරීමයි.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න

0112 689 307
0114 422 022
0117 215 288

Thursday, January 24, 2013

දුරුතු පෝය



තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පොහෝ දින සිදු විය.සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පූජා කිරීමද මෙදින සිදුවිය.ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පෝය දවසේ උරුවෙල් දනව් පියසෙහි වාසය කල උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යපයන තුන්බෑ ජටිලයන් ප්‍රධා දහසක් දෙනා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් සරණ ගොස් ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූහ.

Thursday, January 10, 2013

ජනමාධ්‍ය පුහුණු පාඨමාලාව



බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් පවත්වන සය මාසික පුහුණු පාඨමාලාව..


  • නිවේදනය
  • පසුබිම් අලංකරණය
  • වේදිකා පරිපාලනය
  • සංස්කරණය
  • කැමරාකරණය
  • වේශ නිරූපනය
  • ආලෝකකරණය
  • පිටපත් රචනය
  • වැඩසටහන් නිශ්පාදනය
  • ශබ්ද පරිපාලනය


  • වයස අවු 15 - 25 අතර අයට මේ සඳහා අයදුම් කල හැක.
  • BMICH හි මිහිලක මැදුරේදී විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු සහ ප්‍රවීණ ජනමාධ්‍ය වේදීන්ගේ මූලිකත්වයෙන් මෙහෙයවනු ලබයි.
  • සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදේ 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වේ.


ඔබ විසින් සකස් කර ගත් අයදුම් පත පහත ලිපිනයට ජනවාරී 31 පෙර යොමු කරන්න.ලියුම් කවරයේ වම් පස ඉහල ඔබ අයදුම් කරන පාඨමාලාව සඳහන් කරන්න..

ගරු සභාපති,
බෞද්ධයා මාධ්‍ය ජාලය,
ග්‍රේගරි පාර,
කොළඹ 07.

Tuesday, January 1, 2013

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් කොළඹ 07 ශ්‍රි සම්බෝධි විහාරාධීපති ගෞරව ශස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් අද හිමිදිරියේ සම්බෝධි විහාර භූමියේදී සිදු කරනු ලැබූ විශේෂ අශිර්වාද පූජාව සහ කිරි ආහාර පූජාව.මේ අවස්ථාවට සම්බොධි විහාරයේ දායක සභාවේ පින්වතුන් සහ අනෙකුත් පින්වතුන් විශාල පිරිසක් සහභාගී විය.