තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පොහෝ දින සිදු විය.සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පූජා කිරීමද මෙදින සිදුවිය.ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පෝය දවසේ උරුවෙල් දනව් පියසෙහි වාසය කල උරුවෙල කාශ්‍යප,නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යපයන තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් දෙනා බුදුරජානන් වහන්සේගෙන් ධර්මය අසා තෙරුවන් සරණ ගොස් ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූහ.
Thursday, January 24, 2013
Thursday, January 10, 2013
ජනමාධ්‍ය පුහුණු පාඨමාලාව
බෞද්ධයා මාධ්‍ය
ජාලය මගින් පවත්වන සය මාසික පුහුණු පාඨමාලාව..
- නිවේදනය
- පසුබිම් අලංකරණය
- වේදිකා පරිපාලනය
- සංස්කරණය
- කැමරාකරණය
- වේශ නිරූපනය
- ආලෝකකරණය
- පිටපත් රචනය
- වැඩසටහන් නිශ්පාදනය
- ශබ්ද පරිපාලනය
- වයස අවු 15 - 25 අතර අයට මේ සඳහා අයදුම් කල හැක.
- BMICH හි මිහිලක මැදුරේදී විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරු සහ ප්‍රවීණ ජනමාධ්‍ය වේදීන්ගේ මූලිකත්වයෙන් මෙහෙයවනු ලබයි.
- සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදේ 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වේ.
ඔබ විසින්
සකස් කර ගත් අයදුම් පත පහත ලිපිනයට ජනවාරී 31 පෙර යොමු කරන්න.ලියුම් කවරයේ
වම් පස ඉහල ඔබ අයදුම් කරන පාඨමාලාව සඳහන් කරන්න..
ගරු සභාපති,
බෞද්ධයා මාධ්‍ය
ජාලය,
ග්‍රේගරි පාර,
කොළඹ 07.
Tuesday, January 1, 2013
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් කොළඹ 07 ශ්‍රි සම්බෝධි විහාරාධීපති ගෞරව ශස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් අද හිමිදිරියේ සම්බෝධි විහාර භූමියේදී සිදු කරනු ලැබූ විශේෂ අශිර්වාද පූජාව සහ කිරි ආහාර පූජාව.මේ අවස්ථාවට සම්බොධි විහාරයේ දායක සභාවේ පින්වතුන් සහ අනෙකුත් පින්වතුන් විශාල පිරිසක් සහභාගී විය.
Subscribe to:
Posts (Atom)




